92 users have listened to this hymn this month (July 2026)
සිත හැරී මා එනතුරා ඔබ බලා සිටියා
කෙලෙස් බර මා ඉවත නොදමා සිප වැළඳ ගත්තා
පියාණනි මා අසරණයි අසරණයි අසරණයි වන්න අනුකම්පා
සතුට සම්පත සොය සොයා එහිම වැනසීලා
එකම සම්පත ඔබම පමණයි මා වැටහ ගත්තා
පියාණනි මා අසරණයි අසරණයි අසරණයි වන්න අනුකම්පා
නෙතට කඳුලැලි මතු උනේ ඇඟට ගිනි දැනිලා
පියාණන් මගේ සිතට නැගුනේ දිළින්දෙක් වූදා
පියාණනි මා අසරණයි අසරණයි අසරණයි වන්න අනුකම්පා