20 users have listened to this hymn this month (June 2026)
සැලෙන හදින් මා තනියම වැලි කතරක් මැද
පා නගන්න බැහැ තනියම ඝන අඳුරක් මැද
රෑ අඳුරේ මා තනි වී පාළු බිමක් මැද
මේ අඳුරේ ඔබ එනවද මගෙ දෙවි සමිඳේ
කතර සරා වෙහෙස වෙලා සොය සොයා යමී
අඳුර සිඳින පහන් එළිය සොයා මම යමී
පහන් දවන හිමි සෙවනේ දිවිය ගෙවනෙමී
ගමන පාළු නැහැ සමිඳුනි ඔබ කැටුව එමී
මාර්ගයද ඇත්ත ද ජීවනය මම වෙමී
ඔබ තෙපලූ වදන් අසා ඔබ සොයා එමී
ජීවිතයට ආලෝකය ඔබයි කිතු හිමී
අඳුරෙ දිලෙන පහන් සිළුව ඔබ මගේ දෙවී
අඳුර බිඳන් එළිය අරන් ඔබ එනු දිටිමී
පාළු ගතිය තනිය මකන් ඔබ ගුණ ගයමී
මිනිස් හදිත් එළිය කළෝ ඔබ බව දනිමී
පහන් දවන් එළිය අරන් ඔබ කරා එමී