53 users have listened to this hymn this month (September 2026)
පවනක් වෙලා එන්න මා දිවියට ඔබ සමිඳුනි
ලැතැවුල් නිවාලන්න මා ජීවිතේ
ගඟුලක් වෙලා එන්න මා දිවියට ඔබ සමිඳුනි
දාහය නිවාලන්න මා ජීවිතේ
බොජුනක් වෙලා එන්න මා දිවියට ඔබ සමිඳුනි
කුසගිනි නිවාලන්න මා ජීවිතේ
පහනක් වෙලා එන්න මා දිවියට ඔබ සමිඳුනි
ඝනදුර මකාලන්න මා ජීවිතේ
නිල් තණබිම මා සතපන සමිදා ඔබයි
දිය ගැඹුරෙදි මා සුරකින හබලත් ඔබයි
වරම් දෙන්න ලැගුම් ගන්න
දුක සැප ජය පැරදුම ඔබ සෙවනේ රැඳී
මා ප්‍රිය සමිඳාණනේ
ලොව තනි වුන විට සනසන අම්මා ඔබයි
නෙතු කන්දුලැලි පිසලන සුභ වදනත් ඔබයි
වරම් දෙන්න ලැගුම් ගන්න
දුක සැප ජය පැරදුම ඔබ සෙවනේ රැඳී
මා ප්‍රිය සමිඳාණනේ