78 users have listened to this hymn this month (September 2026)
මා පියුමක් ලෙස ඔබ පා මුල පරව ගියාවේ
දූවිල්ලක් ලෙස ඔබ පා යුග මත රැඳුනාවේ
මී බිඳුවක් ලෙස ඔබ දෙතොලට රසය වුණාවේ
තෙල් බිඳුවක් ලෙස ඔබ කෙස් මත මා ඇලුනාවේ
ඝන අඳුරට සඳ පහනය සමිඳුනි ඔබ අපටා
ඔබ වත මට දෙයි සහනය සැම සතුරන් පලවා
මගෙ සිරුරේ දිවයන රුහිරෙට ජීවය පොවනා
දුක් සුසුමක් ඔබ ඇති තැන මට සතුටක් දෙවනා
මඳ පවනක් ලෙස මා ගත වැද සිසිල ගෙනාවේ
ඔබ සීතල රැයකට මා හට උඳුන වුණාවේ
ජේසුනි ඔබෙ නම මතුරා ගී කියමි නිරතුරා
රඳවා සෙනෙහස උතුරා ඔබමය මා මිතුරා