49 users have listened to this hymn this month (January 2026)
මා ගන්නා හුස්මක් පාසා
මා ගෙවනා දිනයක් පාසා
ඔබ මට ආදරේ ඇති පියතුමෙකි
ඔබ මට ආරක්ෂස්ථානයකි //
ඔබ මට ලොකු ශක්තියකි
මට ඔබ ආලෝකයකි
මම පව්කරුවෙකු වී සිටියා
ඔබ ඉන් මා ගලවා ගත්තා
මම කසල ගොඩේ දිවි ගෙව්වා
ඔබ ඉන් මා ඔසවා ගත්තා
මඩ වගුරේ ගිලෙමින් සිටියා
ඔබ ඉන් මා ඉවතට ගත්තා
තව කුමක් කියන්නද
ඔබ මා දෙව් සමිඳා
ගන්නා හුස්මක් දිනයක් පාසා ///