40 users have listened to this hymn this month (September 2026)
කුරුසියක් නොම වී - ලොවට මා මිදීමක් වෙන්නම්
විය ගහක් නොම වී - ලොවට මා නිදහසක් වෙන්නම්
අනුන් හිස මත කුරුස පටවන
ගහලයෙක් නොම වී
කුරුස බර මා කරට අරගෙන
ලොවක් සනසන්නම්
අනුන් දිවි මත බරම පටවන
රදලයෙක් නොම වී
සියලු වියගස් බිඳින මෙහෙවරෙ
වහල් වී ඉන්නම්