22 users have listened to this hymn this month (March 2026)
කලකට පෙර ඒ
කලකට පෙර ඒ බෙත්ලෙහෙමේ
ශුද්ධ වූ නගරේ
ජේසූ මෙලොවට බිහි වුණේ
පුංචි ගව මඩුවේ
උඳුවප් මාසේ සීතල දවසක මැදියම් රෑ යාමේ
දෙවු මව් තුරුලේ උණුසුම ලබමින් මේ ලෝකෙට ආවේ
සීත සුළං රැලි දසත හමද්දී සැතපීලයි උන්නේ
දුප්පත් එඬේරු මේ බව දැනගෙන ගව ලෙන වෙත යන්නේ
මරියතුමියගේ පෙම්බර මුහුණේ එළියක් දිස් වූයේ
ජුසේ තුමා කිසිදාකත් නැහැ දෙවු අණකට පිටුපෑවේ
වටපිට රොක් වී උම්බෑ ගාමින් හරකුන් කෑගසති
රජතුන් කට්ටුව බිළිඳු ළඟ වැටී පඬුරු ඔප්පු කරති
මිනිස් සමාජය පාපෙන් බේරා ගන්නට මෙහි ආවා
දිවැසිවරුන් බොහො කලකට පෙර කී දෙය ඉන් ඉටු වූවා
කලකට පෙර ඒ