101 users have listened to this hymn this month (September 2026)
දහසක් අතරින් මා තෝරාගත්තා වු
සමිඳුනි ඔබ හට නිරන්තරේ
බැති ගී ගයන්නෙමි
තුති ගී ගයන්නෙමි
අඳුරින් පිරි ලොව එලිය කරන්නට
දැල්වෙන පහනක් වී
දෙව් ජනතාවම ඔබට ගෙනෙන්නට
අවියක් වන්නට මා
දුක් ගිනි දරන මේ ලෝ දන හට
සැනසුම් සුවයක් දී.....
වැඳුමට පිදුමට වහල් නොවන්නට
ඔවුනට පහදා දී.....
ජීවයේ සියලුම අගය බලන්නට
සැමටම පහදා දී.....
දෙව් ජනතාවම රසගන්වන්නට
පොළොවේ ලවණක් වී....
දෙව් ජනතාවම ඔබට ගෙනෙන්නට
අවියක් වන්නට මා