Bethleheme Ada Ra Upanna

බෙත්ලෙහෙමේ අද රෑ උපන්නා
From the album Christmas

Spread the Good news!

Listen count (statistic)

99 users have listened to this hymn this month (January 2026)

Lyrics

බෙත්ලෙහෙමේ අද රෑ උපන්නා
ලස්සන බිළි‍ඳෙක් මල් වගේ
මවගෙ ලයේ සුරතල් විඳින්නා
මුතු වැනි රූ සපුවයි ඇගේ

ජය ජය ජය සිරි
ජය මංගල සිරි
මංගල ආසිරි අත්වේවා
මෙලොවට මේ නත්තල් දිනේ

තරුවක් බබළයි පුන් සඳක් සේ
රන්වන් රැය අරුණක් වැනියි
කෙදිනකවත් නැති සාමයක් දෙයි
ලොව නව සිරියාවක් ගනියි

ලස්සන මවගේ ඇස් වගේය
බිළිඳා නැලවේ මව් ලයේ
දුර ඇති තරුවේ රැස් වගේය
දිස් වී බබළන මේ රැයේ

Queue is empty
-- / --