48 users have listened to this hymn this month (September 2026)
අලුත් ඉරක් පායලා
අලුත් දිනක් උදාවෙලා
කුරුළු ගීත සිසිල් සුළං
රැළි අතරේ පාවෙලා
හරි ලස්සන මෙවන් දිනක්
සිත් සනසන මෙවන් දිනක්
ඔබයි අපට උදා කරන්නේ සමිඳුනේ...//
මෙදින මගේ වැඩ සියල්ල
සතුටු සිනා කඳුළු මෙන්න...//
ඔබ හට බාරයි සමිඳෙ
ඔබ හට බාරයි
රටට සෙතක් උදාවෙන්න
ඒ වෙනුවෙන් වෙහෙස වන්න...//
උදව් දෙනු මැනේ සමිඳෙ
උදව් දෙනු මැනේ
දවස ගෙවී වැඩ වරන්න
වෙහෙස මැදින් තුති පුදන්න...//
රකිනු මැනවි මා සමිඳෙ
රකිනු මැනවි මා