19 users have listened to this hymn this month (September 2026)
සුර ලොව රාජිණියේ
සුරලොව රාජිණියේ මෙදිනේ
තුති දෙමු ඔබ හට පෙම් හදිනේ
ඔබ මහිමා ගයමුව නිතිනේ
ඔබ සරණා යදිමුව බැතිනේ
මංගලවේ
ජයමංගල වේ
ජය මංගල වේ ඔබ හට මෙදිනේ
අප පෙම්බර මවුනි, රන්බර රැජිණි
වේ තුති වේ ඔබ හට නිතිනී.
සඳමඩලෙන්
ඔබ පාද දිලේ
තරු කිරුලෙන් ඔබ හිස බැබලේ
හිරු රැස මෙන් ඔබ ගත දිලිසේ
ලොව සැම තැන ඔබ රුව පැසසේ