104 users have listened to this hymn this month (July 2026)
සෙනෙහස ගලා ගියා
මට ආදරේ නිසා
රුධිරය ගලා ගියා
මගෙ පව් බර නිසා.
සමිඳුනි ඔබ මා ගැන සිතන්නට,
මා සතු වටිනාකම කිමදෝ ?
සිතාගන්න බෑ දෙවිඳුනි මා හට,
මෙතරම් ඔබ ආදරෙයි කියා
මෙතරම් ඔබ ආදරෙයි කියා
ඔබ මැව් සැමදේ මටම බාර දී,
යටත් කරන්නට මා කව්දෝ ?
සත්සමුදුර සැම සතුන් කෙරේ,
අධිපතිකම දුන් සමිඳේ,
බලය දුන්නු දෙවිඳේ
සෙනෙහස ගලා ගියා
මට ආදරේ නිසා
රුධිරය ගලා ගියා
මගෙ පව් බර නිසා