56 users have listened to this hymn this month (September 2026)
සරණක් නැති දා කඳුළින් පිරිලා
සිටියා මා තනිවෙලා
ඔබ මා කැඳවා අත දිගු කරලා
හඬ ගැසුවා මගේ නම කියා
නුඹ මගේයි කියා මම රකිමි කියා
ඔබේ තුරුලේ හොවා ඔබ මා සැනසුවා යේසුනි
හද වේදනා මා දව දවා
අන්ධකාරයේ මා තනි වුනා
ඒ වේදනා කුරුසේ දරා
ඔබ මා ඉන් නිදහස් කළා
මගේ කඳුලැල් නිවා
මා සනසවා රැකගත්තේ ඔබයි යේසුනී
පවුකාර වූ මගේ ජීවිතේ
ඔබේ ලෙයිනුයි සුවපත් කළේ
වචනයෙන් මගේ පවසම් කෙසේ
දෙවිඳුනි ඒ ඔබේ ආදරේ
මගේ හදවත පුරා ඔබෙ නම ලියා
නමදින්නම් සදා යේසුනි
සරණක් නැති දා කඳුළින් පිරිලා
සිටියා මා තනිවෙලා
ඔබ මා කැඳවා අත දිගු කරලා
හඬ ගැසුවා මගේ නම කියා
නුඹ මගේයි කියා මම රකිමි කියා
ඔබේ තුරුලේ හොවා ඔබ මා සැනසුවා
නුඹ මගේයි කියා මම රකිමි කියා
ඔබේ තුරුලේ හොවා ඔබ මා සැනසුවා යේසුනි