54 users have listened to this hymn this month (June 2026)
පූජාසනය මත මගේ දිවිය දිගා කොට
පුදමි ඔබට ආදරේට දිවි ජේසුනි මං
මගේ ජේසුනි මං
පැයෙන් පැයට මගේ හිතට ඔබ යන එන හැටි
හදේ සුසුම් ගිනි නිවන්න පවන් සලන හැටි
පුලුන් රොදක් වගේ හිතට සුවය ගෙනෙන හැටි
මගෙ ජේසු එහෙම තමයි එ ජේසුගෙ හැටි
යන යන තැන මාව අරන් යනවද ජේසු
මුලූ ලෝකෙම එක පහනක් වෙනවද ජේසු
ලොව මුදන්න දහම් සිසිල වෙනවද ජේසු
පුන්චි තිතක් වගේ මමත් එන්නම් ජේසු