26 users have listened to this hymn this month (September 2026)
පඬුරක් වෙන්නෙමි මං
කුරුසිය මත හිඳ
රැධිරය වගුරන
පඬුරක් වෙන්නෙමි මං
කුරුසිය මත ඇණ ගැසිලා එල්ලෙන
පඬුරක් වෙන්නෙමි මං
දෑතට ඇණ ගසලා
දෙකකුල් බැඳ තබලා
ඇලය සිදුරු කරලා
අකුල් පහර හෙලලා
ජේසුනී ඔබ වාගේ වෙන්නට තිබුනා නම්
මුහුණුට කෙල ගසලා
අකුල් පහර වැදිලා
ඇලය සිදුරු කරලා
උසුලු විසුලු කරලා
ජේසුනී ඔබ වාගේ වෙන්නට තිබුනා නම්