70 users have listened to this hymn this month (September 2026)
ඔබේ ප්‍රේමයේ වෙලී ඉන්නම් සාදා
ඔබෙ මුහුණේ රශ්මියෙන් මා සැනසෙන්නම් සදා
සැපතේ විපතේ අත්හැර නොයා ලඟින් සිටියි
අඳුරේ එළියේ මග පෙන්වලා මා රැගෙන යයි
කුණාටුවේ මා ගැලවීම ඔබවේ
ඔබේ දෑතේ සුරකීව ඉන්නම් සමිඳේ
මරුකතරේ මා දියදහර ඔබවේ
හුස්මත් ඔබයි මගේ ජීවිතේ
ස්පර්ශ කරන්න මා මේ මොහොතේ
ඔබ නමදින්නටා මා සමිඳේ, ජෙසුනේ
මා යන දිවිමග ඇහිරී ඉදිරිය නොපෙනෙන විටදී
ජල මද්‍යයේ පවා ඔබ මාවතක් සදයි
ගිනි වැනි පිඩාවෙදී මරණයෙ මිටියාවතේදී
බිය නොවන්නෙමී කිසිදා දෙවිඳුන් මා ලඟයි
මග සදනා දෙවිඳු සදා