16 users have listened to this hymn this month (January 2026)
ඉර හඳ මැව්වේ ඔබයි
මහ අධිපතියා ඔබයි
මා නිසා මැරුණේ ඔබයි
ඔබේ ආදරේ එහෙමයි
අහසට වඩා උසයි
පතුලට වඩා යටයි
සුළඟට වඩා මුදුයි
ඔබේ ආදරේ එහෙමයි
ඒ ආදරයේ මා සැතපෙන්නේ
ජේසු මාගේ එකම අයිතිය වේ
අම්මා වගේ ලඟයි
තාත්තා වගේ රකියි
මිතුරෙකු වගේ තිරයි
ඔබේ ආදරේ එහෙමයි
පාපය නිති පරදයි
වැරදුන තැන වෙරදෙයි
වැටුනට බැණ නොවදියි
ඔබේ ආදරේ එහෙමයි
ඒ ආදරයේ මා සැතපෙන්නේ
ජේසු මාගේ එකම අයිතිය වේ
හොඳ දේ අගය කරයි
අඩුවද විසි නොකරයි
ඉන්න විදිහ අගයයි
ඔබේ ආදරේ එහෙමයි
ලඟ සුන්දර තුරුලයි
හැර යන විට උහුලයි
යලි එන විට පිළිගයි
ඔබේ ආදරේ එහෙමයි
ඒ ආදරයේ මා සැතපෙන්නේ
ජේසු මාගේ එකම අයිතිය වේ