64 users have listened to this hymn this month (June 2026)
මුලු ලෝතලේ පීරමින් සෙව්වා
නොසිතූ ලෙසේ ඔබව හමුවූවා
කිසිදාක නිම නොවනා
ඔබේ හදින් ගලනා
වෙන කිසිවකු තුල ඒ ආදරේ නැතී - //
ඔබ පමණයි, මට ආදරේ කලේ
ඔබ පමණයි, මා ගැන සිතුවේ
ඔබ පමණයි, මගේ ළඟින් සිටියේ
ඔබ පමණයි යේසුනි ඔබ පමණයි - //
වේදනා සිත දරා, ජීවිතේ තනිවෙලා
සිටිය මා, ආදරෙන් කැඳවා
ජීවිතේ ඇති තුරා, නෑ උතුම් යැයි කියා
මේ තරම් ප්‍රේමයක් හමුවෙලා
ඔබ පමණයි, මට ආදරේ කලේ...
පාපයේ වියැලිලා, වේදනා නැගෙන මා
හද ඔබේ පාමුලේ රඳවලා
කුරුසියේ වේදනා, දැරුවෙ ඔබ මා නිසා
ඒ ලෙයින් තෙමනු මැන මා සදා
ඔබ පමණයි, මට ආදරේ කලේ...
INFO:
පද රචනය, තනු නිර්මාණය හා ගායනය:
දේව දරුවෙකු වන නිමේශ් ප්‍රනාන්දු