31 users have listened to this hymn this month (June 2026)
ඔබ මගේ දෙවිඳුන් නිසා
පසසමි සැමදා...
ඔබ මා සුව කළ නිසා
තුති දෙමි සැමදා...
තුති පැසසුම් ගීතිකා
ඔබට ගයලා...
දිවි ඇති තුරු පසසමි
ප්‍රශංසා වේවා!
ලෙඩ වී සිටි මා එදා
තනි වී හැඬුවා...
නැත කිසිවෙකු මේ ලොවේ
සුව කළේ මෙමා...
විශ්වාසයි ජේසුනී
ඔබ මා ළඟ සිටියා...
ඔබමයි මා සුව කළේ
ආදරේ සැමදා...