Mama Numba Kisida

මම නුඹ කිසිදා

Spread the Good news!

Listen count (statistic)

123 users have listened to this hymn this month (September 2026)

Lyrics

මම නුඹ කිසිදා අත් නොහරින්නෙමි
නුඹ මා තුල සදා රඳවා ගන්නෙමි
ඔබ පසු පස මා සැමදා එන්නෙමි
ඔබ අසලින්ම මා සදා රැඳෙන්නෙමි

පිළිතුරු නොලබා අසරණ වූ විට වෙනතක හැරුණෙමි
මුව පොව්වෙකු සේ මිරිඟුව පසුපස හතිලා දිව්වෙමි
පිළිතුරක් නොදී බොහෝ කලක් මා නිහඬව සිටියෙමි
එහෙත් නුඹ කෙරෙන් මගේ මුහුණ මා සඟවා නොගත්තෙමි

දෙපාවාරු නැති මොහොතේ තනිවී දුක මැද හැඬුවෙමි
ඉවසුම් නොමැතිව දසතම දිවගොස් හතිලා වැටුනෙමි
දෙපාවාරු නැති මොහොතේ මා නුඹ ඔසවා ගත්තෙමි
නුඹටත් රහසින් නුඹ අසලම සිට නුඹ සවිමත් කළෙමි

Queue is empty
-- / --