60 users have listened to this hymn this month (September 2026)
මගෙ ජීවිතේ ඔබට බාරයි
ඔබෙ ජීවිතේ සතුට වෙන්නයි
ඔබෙ කැමැත්තේ යටත් වෙන්නයි
ඔබෙ ජීවිතේ දැවටි දැවටී, ඇලී පෙරලී ළඟම ඉන්නයි
ආලේ ආලේ ලූයියා ආලේ ආලේ ලූයියා
ආලේ ආලේ ලූයියා... ආලේලූයියා...
වැටෙන වැටෙනා කෙස් ගසක් පාසා
ඔබට රිසිදේ වෙන්නටයි ආසා
බිදී වෙන්වී දැවී අළු විලා
නමදින්නම් දුමක් සේ පුජා
ආලේ ආලේ ලූයියා ආලේ ආලේ ලූයියා
ආලේ ආලේ ලූයියා... ආලේලූයියා...
රත්තරන් මෙන් උණු වෙන්නටයි
මැටි පිඩක් මෙන් පොඩි වෙන්නටයි
බීජයක් මෙන් යට වෙන්නටයි
ඔබෙ සිතැඟි සේ කැඩී දියවී ඔබට ගැතිවී ඔබ පුදන්නයි
ආලේ ආලේ ලූයියා ආලේ ආලේ ලූයියා
ආලේ ආලේ ලූයියා... ආලේලූයියා...