6176 users have listened to this hymn this month (July 2026)
මගේ හදවතේ හැඟුමක් පුරා
ලියවෙන්නේ ඔබගේ නමයි
මා ගන්නා වූ හුස්මක් පුරා
වැටහෙන්නේ ඔබේ ප්‍රේමයයි
මගේ නෙත්වලින් ගැලු කඳුලක් පුරා
සැනසූවේ ජේසුනි ඔබයි
මගේ ජීවිතේ ගෙවෙනා තුරා ළඟ
ඉන්නේ දෙවිඳුනි ඔබයි
ඔබ දෑතේ ගෙනයන්න මා
දිවි ගමන ගෙවෙනා තුරා
තුරුලේම සනසන්න මා
මගේ කඳුළු නිවෙනා තුරා //
මගෙ නම ඔබේ අතෙහි ලියා
එය දෙස බලා මගේ පුතු කියා
ඔබේ දිවි පුදා මට පෙම් කලා
පුදුමයි ඔබේ ප්‍රේමය සදා
ඔබ දෑතේ ගෙනයන්න මා //
දිවියේ පුරා මට ලන් වෙලා
සෙනෙහේ පුදා මට පෙම් කලා
මතුදාක මා ඔබගේම වෙලා
සගයේ හිඳින්නම් දෙවිඳුනි සදා
මගේ හදවතේ හැඟුමක් පුරා... //
ඔබ දෑතේ ගෙනයන්න මා... //