102 users have listened to this hymn this month (September 2026)
ඔබ උසුලා ගත්තේ අපේ දුකයි
දරා ගත්තේ අප ශෝකයයි
තුවාල ලැබුවේ අපේ අපරාද නිසයි
කුරුසියට ගියේ අපේ පාප නිසයි
බටළුවන්සේ මුලා වෙලා
අපගේ මාවත්වල හැරී ගියා
අප සැමගේ ගැලවුම උදෙසා
ඔබ මත අපගේ අයුතු කම් දැරුවා
කස පහරින් ... ඔබේ සිරුර ඉරේනා තුරා..
කටු ඔටුනින් .. ඔබේ හිස සිදුරු වන තුරා ..
ඇන පහරින් .. ඔබ කුරුසියේ මැරෙන තුරා..
මට ප්‍රේම කළා.. සැබවින් ප්‍රේම කළා...