18 users have listened to this hymn this month (January 2026)
කඳුලේ උපන් දෙවිඳේ
විපතේ උපන් රජිඳේ
සිතුනා නම් ඔබමයි කියා
කවදාකවත් නෑ ජේසුනී
කුරුසේ තබා මරන්නේ
කුරුසේ එල්ලා මරන්නේ
කිමදෝ ඔබ මෙපමණ කල්
මාගෙන් සැඟව ගියේ
සෙව්වා කඳුලැලි අතරින්
ජේසුව නැහැ දුටුවේ
ඔබ පිටුපසමයි මා සිටියේ පුතුනේ
ඔබ නොවැටෙන්නට අල්ලාගෙන සිටියේ
කඳුලෙහි විපතෙහි ඔබ ලඟමයි සිටියේ
ඔබ හට වැඩි බර මා උසුලන් සිටියේ
කුරුසෙන් උපන් දෙවිඳේ
මරණින් උපන් රජිඳේ
සිතුනා නම් ඔබමයි කියා
කවදාකවත් නෑ ජේසුනී
කුරුසේ තබා මරන්නේ
කුරුසේ එල්ලා මරන්නේ
තනිවී හඬනා මොහොතේ
කිසිවෙකු නැත සිටියේ
මොර දී හැඬුවා අඳුරේ
ජේසුව නැත දුටුවේ
ඔබ උරහිස මත මා දෑතය තිබුනේ
උණුහුම දැනුනද කඳුලේ මා සිටියේ
ඔබ අත අල්ලාගෙන මා එගොඩ කලේ
මා තුරුලේමයි ඔබ සැතපී සිටියේ