161 users have listened to this hymn this month (September 2026)
ජේසුනී, ඔබ මා ලගින්,
ඉන්නවා මට දැනෙනවා
ඔබගෙන් කොහෙදෝ ඈතට යන්නේ?
ඔබගෙන් කොහෙදෝ මා සැඟවෙන්නේ?
මම ස්වර්ගෙට නැගී ගියත්, ඔබ එහි ඉන්නේ
පොලවේ කෙලවරදිත්, ඔබ හමුවන්නේ
දෙවිඳුනි මා සිත ඔබතුම විමසන්නේ
ඔබගෙන් සැඟවුනු සිතුවිලි මට නැත්තේ
ඔබගෙන් කොහෙදෝ ඈතට යන්නේ?
ඔබගෙන් කොහෙදෝ මා සැඟවෙන්නේ?
මව්කුසෙහි තැනෙන විටත්, ඔබ මා දන්නේ
රහසින් වැඩෙනා විට මා හඳුනන්නේ
ඔබගේ නෙත්, මා ගතවෙත යොමුවෙන්නේ
බිහිවෙන්නට පෙර සැලසුම ඔබ දන්නේ
ඔබගෙන් කොහෙදෝ ඈතට යන්නේ?
ඔබගෙන් කොහෙදෝ මා සැඟවෙන්නේ?"