60 users have listened to this hymn this month (September 2026)
ජීවනයෙ සමිඳා ජල මතුපිට සරණා
අනාදියේ හිස්බව දුරලාලූ
නවමු මැවිල්ලක මඟ පහදාලූ
ශුද්ධාත්මයාණනී
සහනය දෙන සමිඳා අප තුල වැඩ සිටිනා
එක් වන්නම් අප ඔබෙන් පිරෙන්නට
නව මිනිසෙක් අප තුල ගොඩ නඟනට
ශුද්ධාත්මයාණනී
සත් වරම් රැගෙනා වඩිනු මැනවි සමිඳේ
දහම් රසින් අප දිවි පුරවන්නට
සුපුවත දස අත පතුරාලන්නට
ශුද්ධාත්මයාණනී