11 users have listened to this hymn this month (March 2026)
ඉවසිල්ලෙන් බලා සිටින්න
එතුමන් වඩින තුරා
ලතැවිල්ලෙන් එපා හඬන්න
ඉඩ දී බලා සිටින්න
විඳ ප්‍රෂව වේදනා
පරදා හිනැහෙන
නව යුගයට සැරසෙන්න
නව උපතට පිවිසෙන්න
මිනිස්කමක් වනසුනා පවින් බරවී
අසත්දෙයක් හිනැහුනා එදා රජවී
කුරුසියේ තබා ඔබ මරා දමා සැනසී
දිනූ කෙනෙක් නැත ලොවේ මෙතෙක් හමුවී
හඬා වැටුණු සිත තුවාල වී පෑරී
දරා ගන්න බැරි වුණා එදා තනිවී
මළ කඳක් දරා දෙව් මවුන් සිටී නොසැලී
විනාශයෙන් නව ලොවක් සැදී උපදී