85 users have listened to this hymn this month (September 2026)
හැමදාමත් ඔබ මා සමග
අත්හැරදානැ කිසිදාක
කඳුලුවිලේදී කුණාටුවෙදී (x2)
ඔබ මා සමග හිඳී හැමදාම.
මගේ දුබලකම් මා වටලද්දී
නොවැටෙන ලෙස ඔබ සරණය වූවා
බොහෝදෙනා මා තලා පෙලද්දී
ඔබ මා වටකළ සුරැකුම වූවා.
හැමදාමත් ඔබ මා සමග
අත්හැරදානැ කිසිදාක
කඳුලුවිලේදී කුණාටුවෙදී (x2)
ඔබ මා සමග හිඳී හැමදාම
පැසසුම් ලබනට කිසිත් අහිමි මට
ඔබේම දස්කම් මා අතලුව
මිනිසුන් මා පාගා දමනා විට
මා ඔසවා මුදුනක හිඳවුව.
හැමදාමත් ඔබ මා සමග
අත්හැරදානැ කිසිදාක
කඳුලුවිලේදී කුණාටුවෙදී (x2)
ඔබ මා සමග හිඳී හැමදාම