21 users have listened to this hymn this month (September 2026)
දෑතම දිගු කර, මා දෙස බල බල ඉන්න මගේ ජේසු
මා සනසන්නට, මා ගලවන්නට එනවා මගේ ජේසු
එදා සිටම ඔබ ලොව තුල ගැවසුණ සමින්දාණෝ ජේසු
පියාගේ වරමින් බලවත් වී ඔබ සිටියා මගේ ජේසු
ආලෝඅකය වී අඳුර නසන්නට මෙලොවට ආ ජේසු
මගේ හිස අතගා උණුසුම් හැඟුමින් සිපගත්තා ජේසු
මා ඔබ හැර ඒ ගියදා සිට ඔබ සෙව්වද මා ජේසු
ඈත ඉඳන් ඔබ මගේ නම අමතා කතා කලා ජේසු
දුකින් වගේ ඇයි කඳුළු සලන්නේ අනේ මගේ ජේසු
සමාවෙලා මට, මගේ මුළු හදවත සුව කරන්න ජේසු