Bethlehem Pure

බෙත්ලෙහෙම් පුරේ
Anil Bharathi Author
From the album Christmas

Spread the Good news!

Listen count (statistic)

98 users have listened to this hymn this month (January 2026)

Lyrics

බෙත්ලෙහෙම් පුරේ දිළිඳු ගව ලෙනේ
ඔරුව තුලේ සිසිලේ නිදයි
ජේසු බිළින්දා
ජේසු බිළින්දා

ලෙලෙන කැන් දිදී අමුතු තරුවකී //
අඳුර මැදින් එළිය මවයි
ජේසු බිළින්දා
ජේසු බිළින්දා

බෙත්ලෙහෙම් පුරේ දිළිඳු ගව ලෙනේ...

නිරිඳුන් තිදෙනා තරුවෙන් දිලෙනා //
මග අහගෙන යති දැක්මට
ජේසු බිළින්දා
ජේසු බිළින්දා

බෙත්ලෙහෙම් පුරේ දිළිඳු ගව ලෙනේ...

සත වෙත කරුණා පිණිදිය ගලනා //
මුතු උල්පත පාදා දුනි
ජේසු බිළින්දා
ජේසු බිළින්දා

බෙත්ලෙහෙම් පුරේ දිළිඳු ගව ලෙනේ
ඔරුව තුලේ සිසිලේ නිදයි
ජේසු බිළින්දා
සාමෙ රජින්ඳා
ජේසු බිළින්දා
සාමෙ රජින්ඳා

Queue is empty
-- / --