69 users have listened to this hymn this month (July 2026)
අඳුරු ළොවේ මා යනෙන තුරා
කුරිරු වූ මේ දිවියේ
පැමැති හඬින් ඔබ මා අමතා මගෙ
පවිටු බවින් මිදුවේ
කඳුලු නැගේ සිහිකරන තුරා ඔබෙ
පිවිතුරු දෙව් ප්‍රේමේ
තුරුළු කරන් දුක නිවෙන තුරා මා
අසලින් ඔබ සිටියේ ජේසුනේ
බිඳුනු මගේ හද පූජාවක් කොට
ඔබ වෙත ගෙන ආවෙමී
කැඩුනු මගේ සිත යලි සකසන්නට
ඔබට හැකිය දනිමී
වැටුනු තැනින් මා හට නැගිටින්නට
සවියක් වුව මැනවී
කුලුණු සිතින් ඔබ හට පැසසුම් දෙමි
මා දෙව් පියාණනී ජේසුනී
කුරුසිය මත ඔබෙ දිවි පුද දී ඔබෙ පෙම ළොව වෙත පෑවා
සැමසත ඔබෙ කරුණාව දයාගුණයෙන් මුදනා ලෙසිනා
හිමි ඔබ හට මගෙ හද පුදමී නිති මේ ළොව වසන තුරා
දිවිහිමියෙන් ඔබෙ පෙම රකිනෙමි මා
ජේසුස් දෙව් සමිඳා සදා