73 users have listened to this hymn this month (September 2026)
වැටි වැටි මා යලි යලි නැගිටින විට
මගෙ අත ගෙන මඟ පෙන්නුවා
විඩාව මගෙ සිත සසල කරන විට
දිරිය දෙවන සිතුවිලි එව්වා
සමිඳේ... මා මඟ සළකුණ ඔබ වේ
සමිඳේ... මා දිවිය සවිය ඔබ වේ
තණ්හා කාමය දෑස වැසූ විට
සැබෑ සතුට මට පෙන්නුවා
ජිවිත අරමුණ නොපෙනී යන විට
එළිය දෙවන ඔසුවක් වූවා
සමිඳේ... මා සැපත සතුට ඔබ වේ
සමිඳේ... මා දිව්ය ඔසුව ඔබ වේ
නැතිබැරි කම මා මිරිකා සිටි විට
මිනිස් වෙසින් සරණය වූවා
මිතුරන් මා අත්හැර තනි කළ විට
ඔබ මා ළඟ සිට සැනසූවා
සමිඳේ... මා සරණ සදා ඔබ වේ
සමිඳේ... මා නිති සැනසුම ඔබ වේ
සමිඳේ... මා මඟ සළකුණ ඔබ වේ
සමිඳේ... දිව්ය ඔසුව ඔබ වේ