36 users have listened to this hymn this month (July 2026)
ඔබේ දයා සෙනෙහෙ කියා සඳු පායනවා
ඔබේ සදා මහිමේ කියා හිරු පායනවා
ඔබේ කරුණා ගුණය කියා මද වැසි හැලෙනා
ඔබේ සිහිල් සෙවන ගෙනා දහමේ සොබනා
සසර සරණ දුගී පවස ඔබ නිවන්නෙද
සත අසරණ විඩා ගිමන ඔබ නිවන්නෙද
කඳුලු දවන දෙනෙත සඳුන් ඔබ නොවන්නෙද
සුහද දහම් අමා සිසිල ඔබ දෙවන්නෙද
මල් ගොමු පිරිවරා බඹරු ඔබ එවන්නෙද
ගල් පර සෝදා සාගර රැලි මවන්නෙද
තුරුලිය නලියන ලා හිරු ඔබ හෙලන්නෙද
සොබා සිරිය ඔබ රුව ලොව මත අඳින්නෙද