Obe Daya Senehe Kiya

ඔබේ දයා සෙනෙහෙ කියා

Spread the Good news!

Listen count (statistic)

27 users have listened to this hymn this month (January 2026)

Lyrics

ඔබේ දයා සෙනෙහෙ කියා සඳු පායනවා
ඔබේ සදා මහිමේ කියා හිරු පායනවා
ඔබේ කරුණා ගුණය කියා මද වැසි හැලෙනා
ඔබේ සිහිල් සෙවන ගෙනා දහමේ සොබනා

සසර සරණ දුගී පවස ඔබ නිවන්නෙද
සත අසරණ විඩා ගිමන ඔබ නිවන්නෙද
කඳුලු දවන දෙනෙත සඳුන් ඔබ නොවන්නෙද
සුහද දහම් අමා සිසිල ඔබ දෙවන්නෙද

මල් ගොමු පිරිවරා බඹරු ඔබ එවන්නෙද
ගල් පර සෝදා සාගර රැලි මවන්නෙද
තුරුලිය නලියන ලා හිරු ඔබ හෙලන්නෙද
සොබා සිරිය ඔබ රුව ලොව මත අඳින්නෙද

Queue is empty
-- / --