23 users have listened to this hymn this month (September 2026)
මාවතේ කටු තිබුනත්
ගල්බොරළු වැඩි උනත්
තබන තබන පය එරුනත්
කුනු දුවිලි වැටුනත්
පැටලී මා ඇද වැටුනත්
ලේ තුවාල ලැබුවත්
ඔබ පෙනෙන ඉසව්වට එන්නම්
ගත වාරු මදි උනත්
ඔබ දසුන නැතිව මා තනිවූ මොහොතේ
හඩනා සිත සනසන්න
ජේසුනි එන්න මා අත අරගෙන
නිසි තැනකට ගෙනයන්න