62 users have listened to this hymn this month (September 2026)
කුරුසිය පාමුල හඬාවැටිමි මම
පවුකරුවෙකි මා පිළිගනු මැන සමිඳේ
ඔබට විරුද්ධව ඔබේ පෙමට පිටුපා කළ වරදට
යදිමි දෙපා වැඳ මුදනා ලෙස සමිඳේ
සමිඳේ... අහිමි නොකළ මැන ඔබගේ දරුකම
මා මුදවා සමිඳේ
තනිකම දැනෙනා හඬනා මා හද
සොයනා ප්‍රේමය ඔබයි සමිඳ අද
ඔබ ආදරයෙන් මා සනසා දෙවිඳේ
දෙනු මැන සතුට හදේ
සමිඳේ... කදුළැලි පිසදා සිනහව දෙනු මැන
තනි වූ හදට මගේ
නව දිවියක මිහිරෙන් පුරවා අද
අතීතයේ පව් පෙමින් මකා හැර
බවඳුර පරදා ආදරයෙන් දිනුවේ
ජේසු රජුනි ඔබ වේ
ජේසූ... පාපය රජයන ලෝකය ගලවන
නාමය ඔබ ජේසූ
කුරුසිය පාමුල හඬාවැටිමි මම
පවුකරුවෙකි මා පිළිගනු මැන සමිඳේ
ඔබට විරුද්ධව ඔබේ පෙමට පිටුපා කළ වරදට
යදිමි දෙපා වැඳ මුදනා ලෙස සමිඳේ
සමිඳේ... හැඳිනෙමි ප්‍රේමය දුටුවෙමි පාපය
සැනසෙමි ඔබ තුරුලේ