27 users have listened to this hymn this month (September 2026)
කිතු සමිඳුනි ඔබෙ කුරුසිය පාමුල
හද රිදවන රුදු හැඟුම් කියා
සාම සුවෙන් මා හද සරසන්නැයි
වරම් යදිමි නෙතු පියන් පියා
කිතු සමිඳුනි ඔබෙ කුරුසිය පාමුල
සිත කළඹන රුදු හැඟුම් කියා
සහන් සුවෙන් මා හද සරසන්නැයි
හඬා යදිමි නෙතු පියන් පියා
කිතු සමිඳුනි ඔබෙ කුරුසිය පාමුල
සිතූ පැතුම් මගෙ නොම සඟවා
මගේ සිහිනයන් සැබෑ කරන්නට
කියා යදිමි නෙතු පියන් පියා