55 users have listened to this hymn this month (September 2026)
කඳු හෙල් අතරේ සිරවී සිටියා
සාගර පතුලේ ගිලිලා සිටියා
පවනේ මුදුනේ පියඹා සිටියා
එතෙකුත් මෙතෙකුත් මා ළඟ සිටියා
දෙකොපුල් අතරේ රූරා ගලනා
කඳුළු වේදනා දෙනුවන් පෙලුවා
නෙතු පියන් සලා අවදිව බැලුවා
සමිඳුනි නැවතත් ඔව් ඔබ නැවතත්
ළඟ සිටියා ඔබ මා ළඟ සිටියා
ආශා දහසක් පසුපස ඇදුනා
ආ ගිය පාරේ තනීවී හැඬුවා
අඳුරේ නැවතත් සුවයක් පැතුවා
සමිඳුනි නැවතත් ඔව් ඔබ නැවතත්
ළඟ සිටියා ඔබ මා ළඟ සිටියා