52 users have listened to this hymn this month (September 2026)
හෝසන්නා... හෝසන්නා
හෝසන්නා... හෝසන්නා
දේවාති දෙවිඳුනි වේ හෝසන්නා
රාජාති රජිඳුනි වේ හෝසන්නා
දෙවිඳු නමින් වඩින රජුන්, ආසිරි වේවා
ජීවමාන පුතුනි ඔබට පැසසුම් වේවා
ලාසරස් ට ප්‍රාණය දුන්, ජේසුනි සමිඳේ,
ජීවමාන රජුන් ඔබයි ජේසු සමිඳුනේ
දෙවිඳුන් අප හට දුන්, රන් කරඩුව වැන්නේ,
දමිඳු රජුන් පුතුන් ඔබයි, ජේසු රජින්දේ
අසරණයට ජල ධහරා ගඟුල ගලන්නා,
එවන් ගඟුල ජේසුනි ඔබ හට හෝසන්නා
දේව පුතුන් වඩින්නා
හෝසන්නා... හෝසන්නා
හෝසන්නා... හෝසන්නා
දේවාති දෙවිඳුනි වේ හෝසන්නා
රාජාති රජිඳුනි වේ හෝසන්නා
මිහිකත කම්පා කර ජයගොස රැවු දෙන්නා,
අහස් තලෙන් ආසිරි මල් වැස්ස වහින්නා
දෙවිඳුන් දුන් උත්තම වචනය ගෙන එන්නා,
ඔබ අප ගැලවුම්කරුවාණන් ව උපන්නා
අධ මිටු පාලක මහ සිහසුන් දෙදරන්නා
ජේසු රජුනි ඔබය මිනිස් කිරුල දරන්නා
දේව පුතුන් වඩින්නා
හෝසන්නා... හෝසන්නා
හෝසන්නා... හෝසන්නා
දේවාති දෙවිඳුනි වේ හෝසන්නා
රාජාති රජිඳුනි වේ හෝසන්නා