45 users have listened to this hymn this month (September 2026)
හෙමින් සැරේ ගලනා
ඔබේ ඇසේ කඳුළින්
ඔබෙ සිරුරින් හැලෙනා
උණුසුම් ලේ දහරින්
මගෙ පාප සැම සෝදමිනේ
ගැලවීම දී කුරුස ගහේ
ජේසුනී සමිඳේ
ලේ හෙලමින් කුරුසේ සමිඳේ
දස දුක විඳ තනිවී
අප ගලවන ලෙස ඔබ දිවි දී
කුරුසේ රජ වූයේ
නෑ තවමත් සමිඳේ කිසිදා
ඔබ අප තුළ රජ වී
අප හදවත තුළ ඔබ තනි වී
කඳුළේ සිර වූයේ