14 users have listened to this hymn this month (January 2026)
ඇයි කඳුල මට දෙන්නෙ සමිඳුනි
ඇයි කඳුල මට දෙන්නෙ//
අනුන්ගේ දුක හොඳ හැටී පෙනෙනා
කාචයක් විලසින් නේ...
මා දෙනෙත සරසන්නදෝ
ඇයි කඳුල........//
ඇයි කඳුල මට දෙන්නෙ සමිඳුනි
ඇයි කඳුල මට දෙන්නෙ//
මගෙ නෙතේ කුණුවී රැදී පැසෙනා
ඉරිසියා මාලේ...
ඉවතටම සෝදන්නදෝ
ඇයි කඳුල.....//
ඇයි කඳුල මට දෙන්නෙ සමිඳුනි
ඇයි කඳුල මට දෙන්නෙ//
දයා අනුකම්පා සෙනේ නැති වූ
වියලි වූ මසිතේ...
තෙතමනය නැග එන්නදෝ
ඇයි කඳුල මට දෙන්නෙ සමිඳුනි
ඇයි කඳුල මට දෙන්නෙ/